අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ නීති අමු අමුවේම උල්ලංගනය කරමින් බණ පොත් වල පිට කවර වල ද, අපේක්ෂකයන්ගේ රූපය සහ සලකුණු යොදා බෙදා හැර තිබෙන අයුරු මේ දිනවල දැකගත හැකි වේ. ශබ්දවාහිනී යන්ත්‍ර භාවිතය,අපේක්ෂකයා නොමැති ස්ටිකර් කරන ලද වාහන ,ගොඩනැගිලි නොමැති පක්ෂ කාර්යාල ,රුපියල් ලක්ෂයක් දෙන බව කියන පෝරම පිරවීම, රියදුරු බල පත්‍ර සදහා යැයි කියමින් එක් අයෙකුට රුපියල් 7500 බැගින් ලබා දීම ,ආදී නොයෙකුත් මැතිවරණ ප්රචාරක මේ දිනවල දක්නට ලැබෙන බවත් මේවා පොලිස් නිලධාරීන් ගේ ඇසට යොමු නොවීම හාස්‍යයට කරුනක් බව ප්‍රදේශවාසින් පවසති. මැතිවරණ කාර්යාලයට කොතෙකුත් දැනුම් දුන්නද කිසිදු පියවරක් ගෙන නොමැති බව ජනතාව පවසති.