බඩ ඇතුළේ කුඩු ගෙන ගිය යුවළ නිළ සුනඛ 'කේසි' අල්ලයි
පිළිමතලාව ප්‍රදේශයේ සිට මාතලේ දක්වා දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රිරෝද රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි අඹුසැමි යුවළක් නිල සුනඛ කේසි විසින් අල්ලා ගැනීමේ සිද්ධියක් අලවතුගොඩ පොලීසියෙන් වාර්තා වෙයි.
මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ සිට මාතලේ දක්වා දීර්ඝ කාලයක සිට ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාළ ත්‍රිරෝද රථය අලවතුගොඩ නගරයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කළ නමුත්, එහි හෙරොයින් සොයා ගැනීමට නොහැකි විය .
පොලීසිය තමන්ට ලැබුණු තොරතුර ගැන දැඩි විශ්වාසයකින් සිටි නිසා මහනුවර නිල සුනඛ අංශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර වීරකෝන් මහතාගේ සහය මත මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂයෙන් පුහුණු කර ඇති කේසී ගෙන්වූ අතර, කේසි ත්‍රිරෝද රථයේ ආසනය ඉරා දමා තිබේ .
ඒ අවස්ථාවේ අදාළ කාන්තාව පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ එම ස්ථානයේ හොරොයින් තබා තිබූ බවත්, පසුව තම සැමියා එය ගිල දැමූ බවත්ය . ඒ අනුව ඔහු විරේක කර කුඩු පැකට් එළියට ගත්තද, ඔහු ගිල දැමූ මිලිග්‍රෑම් 300 ක් අඩංගු පැකට් තුනෙන් පැකට් දෙකක්ම දියවී තිබූ අතර, මිලිග්‍රෑම් 100 ක එක් පැකට් එකක් පමණක් සොයාගැනීමට හැකිවී තිබේ .
මොහොමඩ් ආසික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

