ඉන්දියාවේ සහාය ඇතිව බටහිර ඖෂධ නිෂ්පාදන ආයෝජන කලාපයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට අගමැති මෝදි හා ජනපති මෛත්‍රී අතර සාකච්ඡා පැවැත්වී තිබේ.
ඉන්දියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හයිද්‍රාබාද් හවුස් හිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවී පැවැත්වූ ද්වීපාර්ශ්වික සාකච්ඡාවලදී මෙම කරුණු අනාවරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ශ්‍රී ලංකාවට අවශ්‍ය බෙහෙත් ද්රව්යවවිල් 80%ක්ම දැනට ඉන්දියාවෙන් ගෙන්වනු ලබන අතර, මෙම ආයෝජන කලාපය පිහිටුවීම තුළින් එම මෙහෙත් ද්‍රව්‍ය රට තුළම නිෂ්පාදනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇති බවද සාකච්ඡා වී තිබේ.