සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් තහනම් කරන ලද මත්කුඩු වර්ගයක් බගවන්තලාව ප්‍රදේශයේ වෙළෙඳ සැලක රහසිතගව අලෙවි කරමින් තිබියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
අදාළ මත්කුඩු වර්ගයෙන් ටින් පන්සිය විසිපහක් (525) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒවා බගවන්තලාව ප්‍රදේශයේ පාසල් ළමයින් සහ පතල් කර්මාන්තයේ යෙදෙන අයට අලෙවි කිරීම සඳහා තබා ඇතැයි හෙළිව ඇත.
පොලීසියට ලද තොරතුරක් මත මෙම මත්කුඩු තොගය සොයාගැනීමට හැකිවූ බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.සී.දේශප්‍රිය මහතා පැවසීය.