බංග්ලාදේශ මහ මැතිවරණය විරුද්ධ පක්ෂ වර්ජනය කිරීම නිසා මේ වනවිට පාලක අවාමි ලීගය සිය ජයග්‍රහණය කරා වේගයෙන් ගමන් කරමින් සිටින බව වාර්තා වෙයි.
බංග්ලාදේශ මහ මැතිවරණය දරුණු ප්රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ ජනවාරි 05 දා ආරම්භ වූ අතර, මැතිවරණය සමයේ සිට මේ දක්වා පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බංග්ලාදේශ පොලීසිය පවසයි. දැනට නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව පාලක අවාමි ලීගය වෙත බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවී ඇති බව බංග්ලාදේශයෙන් වාර්තා වන බව ප්‍රංශ පුවත් සේවය පවසයි. ඒ අනුව, පාලක අවාමි ලීගය නියෝජනය කරන ෂෙයික් හසීනාට නැවත බංග්ලාදේශයේ අගමැති ධුරය හිමිවීමේ අවස්ථාව පවතී.
කෙසේ වෙතත් මැතිවරණය පැවති කාලසීමාවේ පවා ප්‍රචණ්ඩක්‍රියා උත්සන්න වූ අතර, ඡන්ද මධ්‍යස්ථාන 200 කට පමණ ගිනි තබමින්, ඡන්ද පත්‍රිකා ගිනි තැබීමට හා සොරකම් කිරීමට උත්සාහ කළ පිරිස් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කරමින් මැතිවරණයේ කඩාකප්පල්කාරී ක්‍රියා පාලනය කිරීමට සිදුවූ බවද පොලීසිය පවසයි.
මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් මිය ගිය දෙදෙනෙක් උතුරුදිග දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන දෙකක ආරක්ෂාවට සිටි ඡන්ද පොළ නිලධාරීන් බවත්, විරුද්ධ පාක්ෂිකයන් පහරදීමෙන් ඔවුන් මරණයට පත්ව ඇති බවත් පැවසෙයි. කෙසේ වෙතත් මියගිය වැඩි පිරිසක් විරුද්ධ පක්ෂ සාමාජිකයන් බවද ප්‍රංශ පුවත් සේවය පෙන්වා දෙයි.
මැතිවරණයේ මේ දක්වා සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් පුද්ගලයන් 18 දෙනෙකු මරණයට පත්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කළත්, විරුද්ධ පක්ෂ පවසා සිටින්නේ පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි.
මැතිවරණය ආරම්භ වීමට පෙර ඊයේ (4දා) දිනයේදී බංග්ලාදේශයේ දිස්ත්‍රික්ක 22ක, ඡන්ද මධ්‍යස්ථාන 100ක් පමණ ගිනිතබා විනාශ කර තිබිණි.මෙම මැතිවරණය වර්ජනය කරන බව එරට විරුද්ධ පක්ෂය (බංග්ලාදේශ ජාතික පක්ෂය) කියා තිබුණු අතර, ඔවුන් දින දෙකක වැඩ වර්ජනයක්ද ක්‍රියාත්මක කොට තිබිණි. මේ ආකාරයෙන් ඡන්ද මධ්‍යස්ථාන ගිනි තැබීම ආරම්භ වූයේ ඉන් අනතුරුව බව බී.බී.සී.ය වැඩිදුරටත් පෙන්වා දී තිබිණි.
බංග්ලාදේශ විරුද්ධ පක්ෂය පෙන්වා දෙන්නේ මෙම මැතිවරණය වංචනික ප්‍රෝඩාවක් බවය. එරට පාලන බලය හිමි අවාමි ලීගය විසින් තමන් නිවාස අඩස්සියේ තබාගෙන සිටින බවට විරැද්ධ පක්ෂ නායිකා බෙගම් කලීදාසියාද චෝදනා නගන ලදී.
්