පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ විවිධ ගාස්තු 193ක් අතුරින් පළමු අදියරේදී ගාස්තු වර්ග 53ක උපරිම මිල නියාමනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
රුපියල් මිලියන 3600ක මුදලක් වැය කරමින් බලපිටිය මූලික රෝහල සඳහා මහල් 10කින් යුත් වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට මුල්ගල් තැබීමේ අවස්ථාව සඳහා ඊයේ (05දා) පස්වරුවේ එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“පෞද්ගලික රෝහල් සංගමය සමග රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කළා. පෞද්ගලික රෝහල් කර්මාන්තයද ආරක්ෂා කරමින් උපරිම මිල පාලනයක් සිදුකිරීමට අපි තීරණය කර තිබෙනවා. මෙහි අරමුණ රෝගීන් ආරක්ෂා කිරීමයි.
විවිධ ගාස්තු 193ක් යටතේ ගාස්තු 53ක මිල නියාමනය කිරීමට පියවර ගන්නවා. පෞද්ගලික රෝහල් සංගමයේ යෝජනා ලබාදුන් පසු තවත් සති 02ක් තුළ අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනවා. සෑම රටකම මිල නියාමනය කිරීම පිළිබඳව සාකච්ඡා කරනවා. සෞඛ්‍ය සේවාව ව්‍යාපාරයක් නොවෙයි. සේවාවක් පමණයි” යැයි ප්‍රකාශ කළේය.