පෝලන්තය වෙත ඇමෙරිකානු හමුදා සාමාජිකයන් 3,000ක පමණ පිරිසක් එවීමට කටයුතු කිරීම තම රටට තර්ජනයක් බව රුසියාව චෝදනා කරයි.
රුසියාවෙන් එල්ලවිය හැකි තර්ජනයකට මුහුණදීම සඳහා නේටෝ බල කඳවුර ශක්තිමත් කිරීම වෙනුවෙන් ධුරයෙන් නිකමයන බරැක් ඔබාමා ජනාධිපතිවරයාගේ තීරණයකට අනුව මෙම හමුදා ස්ථානගත කර තිබේ.
දශක කිහිපයකට පසුව යුරෝපය තුළ ස්ථානගත කළ විශාලතම ඇමෙරිකානු හමුදා කණ්ඩායම ලෙසද මෙය සැලකෙයි.
රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින්ගේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් බී.බී.සී.ය වෙත පවසා තිබුණේ ඇමෙරිකාවේ මේ ක්‍රියාකලාපය රුසියානු අයිතිවාසිකම් හා ආරක්ෂාවට තර්ජනයක් බවයි.
මේ ආකාරයෙන් රුසියානු දේශසීමාවේ තම හමුදා ස්ථානගත කරන තෙවැනි රාජ්‍යය ඇමෙරිකාව බව පෙන්වාදෙන ඔහු අවධාරණය කරන්නේ ඔවුන් යුරෝපා රටක්ද නොවන බවයි.
මෙම හමුදා කණ්ඩායම සමග ප්‍රධාන යුද ටැංකි 80ක්, සිය ගණනක් වූ හමුදා ප්‍රහාරක වාහන මේ වනවිටත් ජර්මනිය වෙත ළඟාවී ඇති අතර, ඒවා ගොඩබිමින් හා දුම්රිය මාර්ග ඔස්සේ පෝලන්තය වෙත ගෙන යෑමට නියමිතය.
.jpg)