"රටම එළියයි - අදුරු දුරලයි" ජාතික විදුලි සත්කාරය මගින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදුලිනය 100%ක් කිරීම ජනවාරි 15 දා අවසන් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ඊයේ (17දා) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින අඩුපාඩු පිළිබදවත් දෛනික අවශ්‍යතා වෙනුවෙන් ජනතාවට සැපයිය යුතු යටිතල පහසුකම් සංවර්ධනය පිළිබදවත් මෙහිදී අවධානය යොමු කළ බව අමාත්‍යාංශය පවසයි.