අවුරුදු අටක පාසල් දැරියක් අපයෝජනයට ලක්කර ඇතැයි කියන පැමිණිල්ලකට මනම්පිටිය කුඩාවැව ප්රදේශයේ සිවිල් ආරක්ෂක භටයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (21 දා) රාත්රියේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි.
අවුරුදු 52 සහ 60 වයසේ සහෝදරයන් දෙදෙනෙකු සහ අවුරුදු 36 ක් වයසැති සිවිල් ආරක්ෂක භටයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
පංතිභාර ගුරුතුමියට අදාළ දැරිය විසින් මේ පිළිබඳ පැවසීමෙන් පසුව පොළොන්නරුව ළමා ආරක්ෂණ ඒකකයට දැනුම්දී ඇත.
අනතුරුව ළමා ආරක්ෂණ ඒකකය විසින් මේ පිළිබඳ පොළොන්නරුව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද (22 දා) පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂණ එම්.එස්.එම්.ජරූල් මහතා අප කළ විමසීමකදී පැවසීය. පොළොන්නරුව පොලීසියසිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මනම්පිටිය - නිමල් ජයරත්න