ප්‍රභු ආරක්ෂක කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඪ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාගේ නිවසට ඇතුළු වි එහි සේවය කළ පොලිස් සැරයන් රියදුරු ටී.ජී. විජේනායක මහතා ඝාතනය කළ සිදුවිමේ ප්‍රධාන සැකකරු අද (28දා) අලුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කිරිමට ඇබ්බැහි වූවෙකු බවත් ඔහුට එරෙහිව ගෙවල් බිඳුම් පිළිඳව නඩු 4ක්ද පවතින බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.