පොලිස් සේවයට බඳවා ගන්නා ආධුනික පොලිස් නිලධාරීන් වෙනුවෙන් පැවැත්වෙන මූලික පුහුණු පාඨමාලාවන් සංස්කරණය කර තිබෙන බව පොලිස් මූලස්ථාන පවසයි.
ඒ අනුව එම පාඨමාලාවන්හි පුහුණු කාලයන් පහත පරිදි වෙනස්කර තිබේ.
-
ආධුනික සහකාර පොලිස් අධිකාරී පාඨමාලාව - මාස 18 යි
-
ආධුනික උප පොලිස් පරීක්ෂක / කාන්තා උප පොලිස් පරීක්ෂක පාඨමාලාව - මාස 12 යි
-
ආධූනික පොලිස් කොස්තාපල් / කාන්තා පොලිස් කොස්තාපල් පාඨමාලාව - මාස 12 යි
පොලිස් මූලස්ථානය පවසන්නේ මෙම පාඨමාලා සංස්කරණයට බි්රතාන්ය රජයේ අනුග්රහය යටතේ ස්කොට්ලන්ත පොලිස් විශේෂඥයින් විසින් උපදෙස් ලබාගත් බවයි.