පොලිස් නිලධාරින් බව පවසා මුදල්,රන් භාණ්ඩ කොල්ලකෑම් සිදුකළ සැකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් මෙම අත්අඩගුවට ගැනීම ඊයේ (23දා) සිදුකර තිබේ.
බොරැල්ල හා බණ්ඩාරගම ප්ර දේශයන්හධී අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27 හා 37 යන වයස්හි පසුවෙයි.
ඔවුන් මහරගම, බොරලැස්ගමුව, අතුරුගිරිය, තලංගම, කොහුවල, ගල්කිස්ස, පිළියන්දළ, හොරණ, පානදුර, කැළණිය හා කිරුළපන පොලිස් වසම්වල මෙම කොල්ලකෑම සිදුකර තිබේ.