ෙපොලිස් නිලධාරීන් 18127ක්, පොලිස් නිල සුනඛයින් 26 ක සහභාගිත්වයෙන් දිවයිනේ සියලුම පොලිස් බල ප්‍ර දේශයෙන් ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් පවත්වා ඇත.
ඊයේ (24දා) රාත්‍රී 10.00 සිට අද (25දා) අලුයම 2.00 දක්වා මෙම මෙහෙයුම සිදුකර තිබේ. මෙහිදී රථ වාහන නඩු 5807ක් ලබාගෙන ඇති අති බීමත්ව රිය පැදවීම් 999ක් සිදුකර තිබේ.
විෂ මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මද්‍යසාර වැටලීම් 982කි. එහිදී හෙරොයින් ග්‍රෑම් 48.2, ගංජා කිලෝ 12.738ක්, නීත විරෝධී මත්පැන් ලීටර් 8234ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව වරෙන්ත කරුවන් 788ක්, සැකපිට පුද්ගලයින් 905ක්, විවිධ අපරාධ සඳහා අවශ්‍ය පුද්ගලයින් 95ක් හා නීති විරෝධීව ගිනිඅවි ළග තබාගත් පුද්ගලයින් 9ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.