අනතුරක් හෝ අපරාධයක් සිදුවූ විට තමන්ගේ ජංගම දුරකථනයෙන් ඉදිරිපත් කරන පැමිණිලි ඔස්සේ අනතුරේ හෝ අපරාධයේ ස්වභාවය පිළිබඳව දත්ත ලබාගත හැකි නව තාක්ෂණ ක්‍රමවේදයක් පිළිබඳව සොයා බැලීම සඳහා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා වෙලිංටන් නුවර පිහිටි පොලිස් අණදෙන මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය අද (04දා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
නවසීලන්තයේ භාවිත කරන මෙම නව තාක්ෂණ ක්‍රමවේදය හරහා අපරාධ සහ අනතුරු අවම කර ගැනීමට හැකි වී තිබෙන බව නවසීලන්ත පොලිස් මූලස්ථානයේ ප්‍රධානීන් අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ.
එසේම මෙම නව ක්‍රමවේදය හරහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පොලිස් මූලස්ථානයට කිසිවෙකු පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද ඔවුන් අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ. සිය නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍යවරයා පොලිස් සේවය වඩාත් කාර්යක්ෂම හා ජනතාවට සමීප සේවාවක් බවට පත්කරලීම සම්බන්ධයෙන් නවසීලන්ත පොලිස් නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වූ බවද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.