තෙල්දෙණිය ගැටලුව හමුවේ අගමැතිවරයාට හෝ ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කිරීම වැරදි බවත්, නීතිය හා සාමය ආරක්ෂා කිරීම පොලීසියේ වගකීම බැවින් සිද්ධිය මුල් අවස්ථාවේදීම පාලනය කිරීමට පොලීසිය ක්‍රියාත්මක විය යුතුව තිබුණ බව එක්සත් ජාතික පක්ෂ උපනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (07දා) පෙරවරුවේ මෝදර ශාන්ත ජේම්ස් ප්‍රාථමික විද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
"අගමැතිවරයාද, ජනාධිපතිවරයාද නෙමෙයි ප්රශ්නය, පොලීසිය සාමය ආරක්ෂා කරන්න බැඳී ඉන්නව, ජාතීන් අතර මේ වගේ ප්‍රශ්න ඇති වුණාම පොලීසිය ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා කටයුතු කළ යුතුයි. නීතිය ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීම පොලිසියේ වගකීමක්. එලෙස ක්‍රියාත්මක වෙන්න නොහැකි නම් ගෙදර යා යුතුයි." යනුවෙනි.
මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවේ මෙවැනි අවස්ථාවක ජනතාව අතර සමගිය තහවුරු කිරීමට ජනමාධ්‍යවල කාර්යභාරය ඉතා වැදගත් බවය.