කොස්ගොඩ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ හිමිකරු කේ. චන්ද්‍රසිරි තාබෘ මහතාගේ දියණියට අයත් අම්බලන්ගොඩ පිහිටි නිවසේ සිටිය දීපොලීසිය සොයාගත් ඇලි කැස්බෑවුන් දෙදෙනා එම මධ්‍යස්ථානය සතුව සිටි අනෙක් ඇලි කැස්බෑවුන් දෙදෙනා බව එහි හිමිකරුගේ දියණියවන චාමලී තාබෘ මහත්මිය 'අද' පුවත්පතට ප්‍රකාශ කළාය.
කොස්ගොඩ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිටි කිලෝ 9.5 ක් පමණ බරැති විශාල ඇලි කැස්බෑවා පසුගිය දෙසැම්බර් 16 වැනිදා අලුයම සිට අතුරුදන් වූ බවත් එම කැස්බෑවා තම නිවසේ සිටින කැස්බෑවුන් දෙදෙනා ගෙන් එකෙක් නොවන බවත් එම කැස්බෑවා මෙතෙක් අතුරැදන්ව සිටින බවත් ඇය ප්‍රකාශ කළාය.
|
නැතිවූ බව කියන කැස්බාවා
|
අදාළ කැස්බෑවා අතුරුදන් වීමට පෙර තම පියාගේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිටි ඇලි කැස්බෑවුන් පෙන්වා එම සතුන්ට රුපියල් කෝටි 3 -4 ක මුදලකට විවිධ පුද්ගලයන් මිල නියම කර ඉල්ලා සිටි අතර, එසේ ඉල්ලූ අය අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා මහතාද වූ බවද ඇය සඳහන් කළාය. අමල් පෙරේරා මහතා මධ්‍යස්ථානයේ සිටි කිලෝ 5.5ක් පමණ බරැති කැස්බෑවා පෙන්වා රුපියල් කෝටි තුනහමාරකට මිල නියම කළ නිසා කැස්බෑවුන්ගේ මිල වැඩි වූ බවත් ඉන් පසුව කැස්බෑවුන්ගේ ආරක්ෂාව පතා තමාගේ නිවසේ එම කැස්බෑවා හා සෙසු ඇලි කැස්බෑවුන් සිවුදෙනකු (අලුත උපන් පැටවුන් දෙදෙනෙක් සමඟ) රැගෙන ආරක්ෂා කළ බවත් ඒ බව හික්කඩුව වනජීවී කාර්යාලය හා දැනුම්වත් කර අවසර ලබාගත් බවත් ඇය සඳහන් කළාය.
එහෙත් කිලෝ 9.5ක් පමණ බරැති විශාල ඇලි කැස්බෑවා කොස්ගොඩ මධ්‍යස්ථානයේ සිටි බවත් පසුගිය දෙසැම්බර් 16 වැනිදා අතුරුදහන් වූයේ එම කැස්බෑවා බවත් තාබෘ මහතාගේ දියණිය ප්‍රකාශ කළාය.
ඇලි කැස්බෑවාගේ අතුරුදන්වීම පිළිබඳ පරීක්ෂණ කටයුතු පොලීසිය හා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෙන වෙනම සිදුකරන ලද අතර, ඊයේ (14දා) දිනයේදී මාතර පොලිස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා ප්රමුඛ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් කරන ලද පරීක්ෂණයකදී චන්ද්‍රසිරි තාබෘ මහතගේ දියණියට අයත් නිවසක සිටියදී සාමාන්‍ය ප්‍රමාණයේ ඇලි කැස්බෑවුන් දෙදෙනෙකු සොයාගන්නා ලදී.
|
|
දැනට සිටින කැස්බාවන්
|
මෙම ඇලි කැස්බෑවා අතුරුදන්වූ කැස්බෑවා බවට සැකකළ පොලීසිය ගායක අමල් පෙරේරා මහතාවද එම ස්ථානයට කැඳවා කැස්බෑවාව හඳුනා ගැනීමට ලක්කළේය. අමල් පෙරේරා මහතා ඔහුගේ මාලදිවයින් මිතුරෙකුගේ ශාන්තිකර්මයකට බව කියමින් මෙම කැස්බෑවා ඔහු විසින් රැපියල් කෝටි 3 ½ කට ඉල්ලා තිබිණි.
ඊයේ දිනයේ දී පොලීසිය සොයාගත් කැස්බෑවා නිරීක්ෂණය කළ පසු ගායක අමල් පෙරේරා මහතා එහිදී සඳහන් කළේ ඔහු චන්ද්‍රසිරි මහතාගෙන් මිලදී ගැනීමට සූදානම් වූයේ දැනට සොයාගත් මෙම කැස්බෑවුන් දෙදෙනාගෙන් එකෙක් බවයි.
"සොරකම් කළාය කියන, මම මුදලට ඉල්ලූ කැස්බෑවා මෙහි සිටිනවා. ඌ මා හඳුනා ගත්තා. මට ගැසූ මඩ මං හෝදනවා." යැයි අමල් පෙරේරා මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
මේ පිළිබඳව වනජීවි අධ්යක්ෂ ජනරාල් එච්.ඩී. රත්නායක මහතාගෙන් 'අද' කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන භාරකරු චන්ද්‍රසිරි මහතා සතුව තවත් ඇලි කැස්බෑවුන් සිටින බව තම දෙපාර්තමේන්තුව දැනුවත්ව සිටි බවයි. මේ පිළිබඳව හික්කඩුව උද්‍යාන භාරකරු අසංක ගුණවර්ධන මහතා සඳහන් කළේ තම දෙපාර්තමේන්තුවේ අවසරය මත දැනට පොලීසියෙන් සොයාගත් කැස්බෑවුන් දෙදෙනා හා පැටවුන් දෙදෙනා තම අධීක්ෂණය යටතේ කැස්බෑ හිමිකරුගේ දියණියගේ නිවසේ රඳවා තබා ගැනීමට අවශ්‍ය අවසරය ලබා දී තිබූ බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, දැනට හමුවී ඇති ඇලි කැස්බෑවා අතුරුදන්වූ ඇලි කැස්බෑවාද යන්න පිළිබඳව තවුරු කරගැනීමට පරීක්ෂණ පවත්වන බවයි. යම් ආකාරයකින් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ භාරකරු යම් අසත්‍යයක් ප්‍රකාශ කර තිබේනම් ඔහුට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කරන බවය.
මේ අතර, සත්‍යවශයෙන්ම කැස්බෑවෙක් අතුරුදන් වූයේ ද යන්න පිළිබඳව සැකයක් පවතින බවත් කැස්බෑ මධ්‍යස්ථානයේ සිටි විශාල කැස්බෑවා මිය යන්නට ඇති බවත් පොලීසිය සැක පළ කරයි.
මේ අතර, ඇලි කැස්බෑවුන් වැනි වටිනා සතුන් ගේ ජාන විද්යාපරීක්ෂණ සිදු කර සතුන්ගේ හා ජාන සිතියම් ලබා ගැනීමට ක්‍රියා කිරීම මගින් ඉදිරියේ දී සතුන් එකිනෙකා විද්‍යාත්මකව හඳුනා ගැනීමට පහසුවක් බවත් එවිට එම සතුන් සොරකම් කළද ලෝකයේ කොහේ සිටියත් එම සතුන් හඳුනාගැනීමට විද්‍යාත්මකව හැකි බව කැස්බෑ විශේෂඥ ආචාර්ය ලලිත් ඒකනායක මහතා 'අද'ට සඳහන් කළේය.
කමල් ශ්‍රී ලියනගේ/කමිඳු මධුශාන් ලියනගේ