නුවරඑළිය මාලිමා නගරාධිපති මිලියන 25ක නිල රථයක් හා මිලියන 110 නිල නිවසක් ඉල්ලයි
2026 නුවරඑළිය මහ නගර සභාවේ අයවැය වාර්තාවට ඉදිරිපත් කිරීම සඳහා නගරාධිපතිවරයාට නව නිල රථයක් ලබා ගැනීමේ යෝජනාව සහ ගරාධිපතිවරයා වෙනුවෙන් සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී නිල නිවසක් ඉදිකරවා ගැනීම සඳහා වන යෝජනාවන් සභා සම්මත කර ගැනීම පිළිබඳව විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ හා ස්වාධීන කණ්ඩායම් සිය විරෝධය ප්‍රකාශ කරයි .
නුවරඑළිය මහ නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් නායක නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන මහතා සහ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන නාගරික මන්ත්‍රී පූජ්‍ය මාකඳුරේ රතන වංශ හිමි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය ඉල්ලද්දි වාහන එපා කියලා ඇවිල්ලා දැන් රථ ගාය හැදිලා වගේ නිල නිවාස එපා කියලා ඇවිත් දැන් නිල නිවාස ඉල්ලනවා වගේ නුවරඑළිය නගරාධිපතිවරයාට රථ ගාය සහ නිල නිවාස මේනියාව ඇති වී මහජනතාවගේ බදු මුදල් අවභාවිතා කිරීමට සූදානම් වන බවයි.
ඔවුන් මෙලෙස අදහස් ප්‍රකාශ කර සිටියේ පපසුගිය මාසික සභා වාර වලදී නගරාධිපතිවරයා දැනට භාවිතා කරන නිල රථය වෙනුවට සැප පහසු නිල රථයක් නගරාධිපතිවරයාට ලබා ගැනීම සදහා ජාතික ජනබල වේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රී ආර්.වසීහරන්ගේ යෝජනාව සහ නගරාධිපතිවරයාට සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී නිල නිවාසයක් ලබා ගැනීම වෙනුවෙන් නගරාධිපතිවරයා කළ ඉල්ලීම පසුගිය 2025.11.14 දින පැවැති මාසික මහ සභාවේදී සභා අනුමැතිය ලැබීමත් සමගය.
ආර්.එෆ්.එම්.සුහෙල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

