පොලිස් සේවය තුළද වංචනිකයන්, දූෂිතයන් සහ දේශපාලන ගැත්තන් සිටින බවත්, මේ නිසා පොලිස් සේවය සම්පූර්ණයෙන්ම ශුද්ධ කිරීමට කටයුතු කරන බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
පොලීසියේ ඇතැම් නිලධාරීන් සමාන්‍ය මිනිසුන්ගේ තත්ත්වයටම වැටී තිබෙන බවත්, එහෙත් ඒ තත්ත්වයට වැටී සිටින කිසිදු නිලධාරියෙකුට තමන්ගෙන් සමාවක් නොලැබෙන බවද පවසා සිටියේය.
පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට කොට්ඨාස භාර තනතුර දක්වා සියලු දෙනාට තමන් විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්යපොලිස්පතිවරරුන් සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සහ ලේකම්වරයා දැනුවත් කර පොලිස් කොමිසම හරහා ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය.
දූෂිතයන්ට, වංචාකරුවන්ට, නීති විරෝධී කටයුතු කරන හාදේශපාලනයට යටත්ව කටයුතු කරන කිසිවෙකුටත් පොලීසියේ ඉඩක් නොලැබෙන බවත්, එහෙත් යම් කෙනෙකු වැරදි හදාගෙන යහපත් පුද්ගලයෙකු වුවහොත් ඔවුන්ට අවස්ථාව තිබෙන බවත් අද (08දා) කොළඹදී පැවැති උත්සවයකදී හෙතෙම සඳහන් කළේය.