කොටහේන බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කළ හිටපු පළාත් සභා මන්ත්‍රී දයාකාන්ත පෙරේරා නොහොත් බිංදු නමැත්තා පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව 011 244 9851, 011 244 9852, 011 244 9853 යන දුරකථන අංකවලට තොරතුරු ලබාදෙන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටි.
මීට අමතරව කහවත්ත ප්‍රදේශයේදී වේදිකාවක් සකස් කරමින් සිටි පිරිසකට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කළ බවට චෝදනා එල්ල වී සිටින සබරගමුව පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි, කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වජිර දර්ශන යන අය පිළිබඳව 071 859 1393 අංකයට හෝ 071 828 0327 අංකවලට තොරතුරු ලබාදෙන ලෙසද පොලිස් මූලස්ථානය ඉල්ලා සිටී.
ලිපි බෙදන්නෙකුට පහර දුන් බවට චෝදනා එල්ල වී සිටින ඌව පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොන්ඩමාන් පිළිබඳව ළඟම පොලීසියට තොරතුරු ලබාදෙන ලෙසද පොලිස් මූලස්ථානය ඉල්ලා සිටී.