පුද්ගලයෙකුට පහරදී මරණය සිදු කිරීම හා තවත් සිවු දෙනෙකුට පහරදීමේ චෝදනාවට වැරදිකරුවන් වූ කන්දකැටිය පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් හය දෙනෙකුට බදුල්ල මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා මරණීය දණ්ඩනය නියම කළේය.
මෙසේ මරණීය දණ්ඩනය නියම වූයේ කන්දකැටිය පොලීසියේ රාජකාරියේ නියතු උප පොලිස් පරීක්ෂක ආර්.එම්.ජී. සෝමරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන පී.ඩී. පත්මකුමාර ගමගේ, එස්.එම්.ආර්. පුෂ්පකුමාර, බී.එම්.ග්‍රේෂන් අබේරත්න සහ සිවිල් ආරක්ෂක එස්.එම්. ජයසුන්දර සහ පොලිස් සහායක ඩී.එම්.විජේරත්න යන අයටය.
2014 මැයි මස හත්වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී කන්දකැටිය බෝගහලන්ද ප්‍රදේශයේදී තරුණයන් පස්දෙනෙකු නිදන් හෑරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන පහරදී, මීගහකිවුල කොස්ෆාම්, අගුරුකඩුව ප්‍ර‘දේශයේ පදිංචි පෙරුම්හේවගේ සඳුන් මාලිංග නමැති තරුණයාගේ මරණය සිදු කිරීම යන චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් කන්දකැටිය පොලීසියේ නිලධාරීන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි