වත්මන් දේශපාලන නායකයන් ශ්‍රී ලංකාව කැබලි කර වෙනම පොලිස් සේවාවන්ද සහිත ප්‍රාන්ත රාජ්‍ය ඇති කිරීමට සූදානම් වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නෙ 2016 සහ 2017 ජාතික අයවැය තුළින් කොළඹ කොටුවේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය වැනි කුඩාම ව්‍යාපාරවල සිට සිය ආණ්ඩුවේ ලොකුම ව්‍යාපෘතිය වූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය දක්වා රජයට අයත් සියලුම දේපොළ විකුණා දැමීමට යෝජනා කර ඇති බවයි.
හම්බන්තොට හා ත්‍රිකුණාමලයේ වරායන් පමණක් නොව ඒ අවට ඇති විශාල භූමි භාගයන් ද විකිණීමට නියම කර ඇති බවත් ඔහු පවසයි.