පොලිස් අණ නොතකා ධාවනය වූ ඩිමෝ බට්ටා වර්ගයේ ලොරි රථයකට අද අලුයම පොලීසිය කළ වෙඩි තැබීමකින් එහි ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ලොරි රථයෙන්ද පොලීසියට වෙඩි ප්රහාර දෙකක් සිදුකර තිබේ.
පසුව එහි ගමන් ගත් දෙදෙනෙකු නීතිඥයෙක් මාර්ගයෙන් පොලීසියට බාර වි ඇත. ඔවුන් පවසා ඇත්තේ වෙඩි තැබීමෙන් ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ බවත් ඔවුන් සොරකම් කළ කෙසෙල් කැන් තොගයත්, ජීවිතෂයට පත්වූ පුද්ගලයාගේ සිරුර මාර්ගයේ දමා පළා ගිය බවත් පොලීසිය පවසා ඇත.