ජනාධිපති කාර්යසාධන බළකාය මගින් කොළඹ ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී මත්ද්‍රව්‍ය නීතිවලට පටහැනිව, බලපත්‍ර කොන්දේසි ප්‍රබල ලෙස උල්ලංඝනය කළ මත්පැන් අලෙවිසැලක්අනාවරණය කරගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව අද (21දා) සමත්විය.
මෙසේ වටලා ඇත්තේ නුගේගොඩ ආසන්නයේ පිහිටි බීර අලෙවි සැලකි. සුරාබදු කොමසාරිස්වරයාගේ නියෝගය පරිදි කොළඹ කොට්ඨාසභාර සුරාබදු අධිකාරි ප්‍රභාත් ජයවික්‍රම මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදුකර තිබේ.
මේ සම්බන්ධයෙන් උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව කී ප්‍රභාත් ජයවික්‍රම මහතා වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම බලපත්‍රය පොලීසියේ උසස් නිලධාරියෙකුගේ බිරිඳකගේ නමට ලබාගෙන ඇති බවහෙළිවුණේ යැයිද සඳහන් කළේය.