පොලිස් රෝහලේ ගබඩා කොට තිබු රුපියල් කෝටි දෙකකට අධික ඖෂධ අස්ථාන ගතවී තිබේ. පොලිස් රෝහලේ කටයුතු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකදී මේ බව හෙළි වු බව රහස් පොලීසිය කොළඹ අතිරේක මහෙස්ත්රාත් අධිකරණයට දැනුම් දී ඇත.
පොලිස් රෝහලේ ඖෂධ සොරකම් කිරීමේ සිද්ධියට අදාළව සිදුකරන ලද පරීක්ෂණ වලදී මේ බව හෙළි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කරයි.
නාරාහේන්පිට පොලිස් රෝහලේ රුපියල් ලක්ෂ හයක් වටිනා ඖෂධ සොරකම් කොට ඇති බවට රහස් පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ ආරම්භ කරන ලදී.