පොලිස් නිලධාරීන්ගේ 40% ක වැටුප් වැඩි වීම යටතේ ලබා දීමට තිබූ 23%ක මුදල මේ මස වැටුපේ සිට ලබා දීමට රජය තීරණය කර තිබේ.
2016 අය-වැය යෝජනාවට අනුව 40%ක වැටුප් වැඩිවීමක් යෝජනා කළ අතර, මේ අනුව 17% ක වැටුප් වැඩි වීමක් 2016 ජනවාරි මාසයේ සිට ක්රියාත්මක කර තිබේ.
ඉතිරි 23%ක මුදල මේ මස සිට ලබා දීමට නියමිත අතර ඊට අදාළ චක්රලේඛ පසුගිය 03 වන දින නිකුත් කර ඇත.