ශ්රී ලංකාව 69 වැනි නිදහස් දින සමරන අවස්ථාවේදී එහි සෑම සැමරුමකම ගමන් ගත් එකම ආරක්ෂක සේවා තූර්ය වාධක කණ්ඩායම බවට පොලිස් බටහිර තූර්ය වාධක කණ්ඩායම ඉතිහාසයට එක්ව තිබේ. අද (04දා) කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන 69 වැනි නිදහස් සැමරුමට පොලිස් තූර්ය වාධක කණ්ඩායම එක්ව සිටියේය.