පොල්පිතිගම අමුණුකුළේ සණස බැංකුවට පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් අද (11 දා) සවස 4.20 ට පමණ බැංකුවේ තිබූ රු. 269,100 ක මුදලක් මංකොල්ල කා ඇත.
සිද්ධිය සිදුවන අවස්ථාවේදී සණස බැංකුවේ කළමනාකාරවරිය හා සහකාර කළමනාකාරවරිය රාජකාරි කටයුතුවල නිරත වී සිටි ඇත. මංකොල්ලකරුවන් ආයුධ පෙන්වා ඔවුන්ව බියවද්දා සේප්පුවේ තිබූ මුදල් සහ බැංකු නිලධාරීන්ගේ ජංගම දුරකථනද රැගෙන පලා ගොස් තිබේ.
රිදී පැහැති මෝටර් රථයකින් සැකකරුවන් පැමිණ ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
රංගෙබණ්ඩාර - පොල්පිතිගම