පොල් ගෙඩියක මිල රුපියල් 50 සිට 70 - 80 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, මීට අමතරව පොල්තෙල් ලීටරයක මිල රුපියල් 270 - 280 ත් දක්වාත් ඉහළ ගොස් තිබෙන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
පොල් මිල ඉහළ යෑම නිසා පොල් ගෙඩිය දෙකට බෙදා විකිණීමට හා පොල් ගා කුඩා පැකට්වලට දමා විකිණීමටද වෙළෙඳ සැල් හිමියන් කටයුතු කරන බව එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
පොල් ගෙඩියක මිල රුපියල් 50 සිට රුපියල් 70 - 80 ත් දක්වා ඉහළ යාමත්, රුපියල් 200 - 220කට අලෙවි වූ පොල්තෙල් ලීටරයක මිල රුපියල් 270 - 280 ත් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
මේ නිසා පොදු ජනතාවට අමතරව ආපන ශාලා හා ආහාර සැකසුම් කරන්නන්ද දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි සභාපතිවරයා කියා සිටියේය.
මේ නිසා පොල් ඉඩම් කට්ටි කර විකුණා දැමීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙසට හා පොල් ගස් කැපීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
මීට අමතරව සමහර සමාගම් මෙරට පොල්වලින් පිටි සකස් කර සහ කිරි වශයෙන් සකස් කර විදේශීය වෙළෙඳ පොළට නිකුත් කරමින් සිටින බවත්, මේ නිසා පොල් මිල සාමාන්‍ය තත්ත්වයට පත්වනතුරු එම කටයුතුද තාවකාලිකව නවතා දමන ලෙසටත්, කොප්පරා වශයෙන් විදේශගත කිරීමද තාවකාලිකව නවතා දමන ලෙසත් එම සංගමය ඉල්ලා සිටියි.