විදේශගත ශ්‍රමිකයන්ට පසුගිය අයවැයෙන් ලබාදුන් පොරොන්දු ඉටු නොකළහොත් විදේශ විනිමය රටට එවීම මාසයකට නතර කර දමන බව 'එතෙර අපි' සංවිධානය සඳහන් කරයි.
විදේශගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සඳහා රුපියල් බිලියන 4.2ක් වෙන්කළ බවට සඳහන් කළ බවත්, එහෙත් එම මුදලට සිදුවූ දෙයක් හෝ විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති නොවූ බවත් එම සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
මීට අමතරව පුහුණු ශ්‍රමිකයන්ට ඩොලර් 450ක මාසික වැටුපක් හා නුපුහුණු ශ්‍රමිකයන්ට ඩොලර් 350ක මාසික වැටුපක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බවට පොරොන්දු වුවද, එම පොරොන්දුව මේ වනවිට කඩකර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
මේ නිසා වහාම මෙම පොරොන්දු ඉටුකළ යුතු බවත්, එසේ නොවුනහොත් ඉදිරියේදී මාසයක කාලයක් විදේශ විනිමය රටට එවීමෙන් වැළකී ආණ්ඩුවට බලපෑම් එල්ල කරන බවද අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සභාපතිවරයා සඳහන් කළේය.
ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගමන් කරන්නේ විදේශගත ශ්‍රමිකයන් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 07කට අධික මුදල නිසා බවද ඔහු සඳහන් කළේය.