පොදුරද මඬුලු පදක්කම්ලාභීන්ට සයුරපුරෙන් නිවාස
ඔස්ට්‍රේලියාවේදී පැවැති 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී පදක්කම් දීනු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06දෙනෙකුට අඟුලාන සයුරපුර මහල් නිවාස සංකීර්ණයෙන් නිවාස ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන් ප්රදානය කළ බව නිවාස හා ඉදිකාරීම් අමාත්‍ය අංශය අද (16දා) නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙහිදී එම ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කර ඔවුන්ගේ ඉදිරි ක්‍රිඩා කටයුතු ශක්තිමත් කර ගැනීම උදෙසා මෙම නිවාස ලබා දීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබුණි.
එම ක්‍රීඩා උළෙලේදී බර ඉසිලිමේ ඉසව්වෙන් ඩී.එම්.ඉන්දික චතුරංග දිසානායක (රිදී), ජේ.ඒ.චතුරංග ලක්මාල් (ලෝකඩ) , බී.දිනුෂා හංසනී ගෝමස් (ලෝකඩ) පදක්කම දිනා ගත්හ. බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් අනුෂා දිල්රුක්ෂි කොඩිතුවක්කු (ලෝකඩ), පී.එම්. තිවංක සඳරුවන් රණසිංහ (ලෝකඩ), එම්.වී.ඉෂාන් රංජීව සෙනෙවිරත්න බණ්ඩාර (ලෝකඩ) පදක්කම් දිනා ගත්හ.
මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පිරිනැමෙන නිවාසවල යතුරු ඔවුන් වෙත බාරදීම පසුගියදා පැවති රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ 25 වැනි ගුණ සමරු උත්සවයේදී සිදු කෙරිණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

