යුද හමුදාව විසින් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණි හමුදා සෙබළුන් වෙනුවෙන් පසුගිය ඔක්තෝබර් 23 වැනිදා සිට නොවැම්බර් 22 දක්වා ප්‍රකාශයට පත්කර තිබූ පොදු සමා කාලය හෙට (22දා) දිනයෙන් අවසන් වන බව යුද හමුදා මූලාස්ථානය සඳහන් කරයි.
මෙම පොදු සමා කාලය නැවත දීර්ඝ නොකෙරෙන අතර, නිවාඩු නොමැතිව වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට දිනයේදීද තමන් අයත් රෙජිමේන්තු වෙත වාර්තා කර නීත්‍යනුකූල අස්වීම ලබාගත හැකිය.
සහන කාලය තුළදී නීත්‍යනුකූල අස්වීම් ලබානොගත් අය සඳහා නොවැම්බර් 23 වැනිදා සිට වැටලීම් සිදුකර අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇත.
මේ වනවිට නිලධාරීන් 12 දෙනෙකු, කැඩෙට් නිලධාරීන් 09 දෙනෙකු හා සෙසු නිලයන් 10,091 ඇතුළු හිටපු හමුදා සමාජිකයන් 10,112 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යනුකූල අස්වීම් සිදුකර ගැනීම සඳහා වාර්තා කර සිටින බවද හමුදා මූලස්ථානය සඳහන් කරයි.
කැළුම් විශ්වනාත්