ආරක්ෂක අමාත්‍යංශය මගින් ත්‍රිවිධ හමුදාවවටම බලපාන ලෙස ප්‍රකාශයට පත්කරන ලද පොදු සමා කාලය සාර්ථකව අවසන් වූ අතර එම කාලය තුල දහඅට දහස් පන්සීයයකට ආසන්න ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සිය නිශ්කාෂණ කටයුතු නිම කොට නීත්‍යානුකූලව සන්නද්ධ සේවා තුලින් නික්ම ගොස් ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන්කරයි.
ජුනි මස 13 වැනිදා සිට මාසයක කාලයක් ක්‍රියාත්මක වු මෙම පොසු සමාකාලය පිළිබඳව යුධ හමුදා මාධ්‍ය අධ්යක්ෂ සහ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසූයේ පොදු සමා කාලය අවසන් වන විට සක්‍රීය සේවයෙන් නිවාඩු නොලබා හෝ නිසි අවසරයකින් තොරව සේවයට නොපැමිණ සිටි යුධ හමුදාවේ සාමාජිකයින් (නිලධාරීන් සහ සෙසු නිළයන්) 16920 ක්, නාවික හමුදා සාමාජිකයින් 831 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයින් 629 ක් සිය නිශ්කාෂණ කටයුතු නිමකොට නීත්‍යානුකූලව සන්නද්ධ සේවා තුලින් නික්ම ගොස් ඇති බවය.
මෙම පොදු සමා කාලයහි සුවිශේෂී ලක්ෂණය වුයේ එකවර ත්‍රිවිධ හමුදාවටම බලපාන පරිදි ප්‍රකාශයට පත්කිරීම බවත් මෙම කාල සීමාව තුල භාරවූ අයවළුන් අත්අඩංගුවට ගැනීමක් සිරගත කිරීමක් හෝ විනයානුකුලව ක්රියාකිරිමකින් තොරව නිශ්කාෂණ ලබාදී සේවයෙන් නිත්‍යානුකුලව ඉවත් කිරීමට කටයුතු කළ බවද හෙතෙම පැවසීය.