පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ෂර්මා මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් ඊයේ (26 දා) පස්වරුවේ නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී පැවැත්වීය.
පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා ලෙස මීළග පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව සාර්ථක කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.