මැතිවරණ සමයේ පොදු දේපොළ අයථා ලෙස භාවිතා කිරීම සම්බන්ධ සිද්ධි 127 ක් ලැබී ඇති බව ට්රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ප්‍රකාශ කරයි.
අපේක්ෂකයන් විසින් අමාත්‍යංශ ඇතුළු රජයේ ආයතනවලට අයත් වාහන - පාපැදියේ සිට ගුවන් යානය දක්වා ප්‍රයෝජනයට ගැනීම, රාජ්‍ය ගොඩනැගිලි, විශේෂයෙන් පළාත් බද රජයේ ගොඩනැගිලි මෙන්ම නිල නිවාස පක්ෂ කාර්යාල ලෙස පවත්වා ගෙන යාම සහ ප්රචාරක කටයුතු සඳහා යොදා ගැනීම., රාජ්‍ය සේවකයන්, රාජකාරී අවස්ථාවක් වලදී මැතිවරණ කටයුතුවලට යොදා ගැනීම, එසේම මැතිවරණ කටයුතුවලට යෙදවීමට නොහැකි විධායක ශ්‍රේණිවල නිලධාරීන් මැතිවරණ ප්රචාරක කටයුතුවලට යොදා ගැනීම. ආදිය එම ආයතනයේ නිරීක්ෂණයට ලක්වන ප්‍රධාන කරුණු කිහිපයක් බව ඔවුන් පවසති.
එම පැමිණිලිවලින් තහවුරු කර ගත් සිද්ධීන් සියයට 50 ක් පමණ මේ වන විට මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානයට යොමු කර ඇති බව එම ආයතනය වැඩිදුරටත් පවසයි.