විධායක ජනාධිපති ක්රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන ක්රමයක් ඇති කළ යුතු බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහාතාට එය සිදුකිරීම සඳහා සියලු පාර්ශ්ව බලපෑමක් ඇති කළ යුතු බවත් මාදුළුවාවේ සෝභිත හිමියෝ අවධාරණය කරති. 'අද' පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ ඉහත අදහස් ප්රකාශ කළහ.
මෙහිදී තවදුරටත් උන්වහන්සේ පැවැසුවේ ජනපතිවරයා එය සිදු නොකරයි නම් වෙනත් කෙනෙක් මැතිවරණයට ඉදිරිපත් කළ යුතු බවත්, එසේ වුවත් තවම පොදු අපේක්ෂකයෙක් තෝරාගෙන නොමැති බවත්ය.
මාදුළුවාවේ සෝභිත හිමියන් සමග කළ සාකච්ඡාව සඳහා අපගේ මතය (OPINION) පිටුවට පිවිසෙන්න.