ඉදිරි ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙසින් ඉදිරිපත් කිරීම රට දේශපාලනික වශයෙන් අස්ථාවර කිරිමට ගත් විදෙස් කුමන්ත්‍රණයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු අද (22දා) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.
ඓස්ම මෙම ක්‍රියාමාර්ගයට අවශ්‍ය මුදල් සම්පාදනය කිරීම පිටුපස රටවල් කිහිපයක් සිටින බවත් එම කටයුතු නවත්වන ලෙස ඔවුන්ට අනතුරු ඇගවිමක් කරන බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා දින 100කින් විධායක ජනපති ධුරයා අහෝසිකරන බවට සඳහන් කළත් එය ව්‍යාවස්ථාමය වශයෙන් සිදුකිරීමේ හැකියාවක් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසුවේ පක්ෂය පාවාදුන්නන්ට නොව පක්ෂයේ රැදී සිටින අයට ඡන්දය දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ට සඳහන් කරන බවයි.
මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත් හා අනුර ප්‍රියදර්ශන යාපාද එක්වූහ.