කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය පීලිපැනීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමන කටයුතු තාවකාලිකව ඇනහිට තිබේ. ඉඟුරුඔය හා ගලබඩ දුම්රිය ස්ථාන දෙක අතර, එන්ජිමේ රෝද හතර පීලිපැන තිබේ.
අද (04දා) උදෑසන 7.30 ට මෙම පීලිපැනීම සිදු වී තිබේ. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනයවන දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වාත්, බදුල්ල සිට කොළඹ ධාවනය වන දුම්රිය හැටන් දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය කරමගීන් ලංගම බස්රථ වලින් දුම්රිය ස්ථාන දෙක අතර මාරුකිරීමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබේ.