පොටෝ ගන්න දඹානට එන්න එපා
ලැබී තිබූ දීර්ඝ නිවාඩුවත් සමග ආදිවාසීන් නැරඹීම සඳහා මහියංගණ දඹානට ලක්ෂ ගණනින් සංචාරකයෝ පැමිණෙමින් සිටිති. ඉකුත් දින 3 තුළ පමණක් ලක්ෂ දෙකක පමණ වූ දේශීය සංචාරකයන් පිරිසක් පැමිණි බව දඹාන ආදිවාසී මාධ්‍ය කේන්ද්‍රය පවසයි .
එහෙත් මෙසේ පැමිණි සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් තමා ප්රමුඛ ආදිවාසීන් සමග ජායාරූප ගැනීමට පමණක් මෙම සංචාරය යොදාගැනීම ගැන තමා බලවත් සේ කනගාටුවන බවද ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ පැවසීය.
"දඹානට එන ගමන අර්ථවත් කරගන්න නම් ජායාරූප ගැනීමට පමණක් එය සීමා නොකළ යුතුයි. ආදිවාසීන්ගේත් ඉතිහාසය,සංස්කෟතිය හා සරල ජීවිතයේ හර පද්ධතිය ඇතුළු බොහෝ දේ පිළිබඳව දැනුවත් විය හැකියි. දඹානට එන ගමන සමහරු හිත්නේ හුදෙක් විනෝද චාරිකාවක් කියලයි.එහෙම හිතන්න එපා .ඒවගේම දඹාන විනෝදයට යොදාගන්නත් එපා.පරිසරය විනාශ කරන්න එපා කියන ඉල්ලීම විශේෂයෙන්ම කරන්න සිදුවෙලා තියෙනවා.'
දේශීය සංචාරකයන් දමායන හිස්මත්පැන් බෝතල්, ප්ලාස්ටික් බෝතල්, කෑම ඔතන කොළ අපේ පරිසරයට විශාල ප්‍රශ්නයක්. මේවා එකතුවෙන්නවෙන්න විනාශකරන්න අපේ අයගෙන්ම කීපදෙනෙක් යොදවන්න සිදුවෙලා තියෙනවා" යැයිද ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ පැවසීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
