පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ වත්මන් සභාපති ලසන්ත අරුණ, හිටපු සභාපති දිමුතු ගුණසේකර සහ පශු වෛද්‍ය පීඨයේ සිසුවෙකුගේ පන්ති තහනම් කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.
ඒ අනුව සතියක කාලයක් සඳහා මෙම සිසුන් තිදෙනාගේ පන්ති තහනම් කර ඇති අතර වසරක කාලයක් සඳහා ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසිකර එය වසරක කාලයකට අත්හිටුවීමටද පාලනාධිකාරිය විසින් කටයුතු කර තිබේ.