පේරාදෙණිය පොලිස් බල ප්රදේශයේ යම්කිසි ප්රචණ්ඩ ක්රියාවන් සිදුකිරීමේ අරමුණින් සෑදූ පෙට්රෙල් බෝම්බ යැයි සඳහන් බෝම්බ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.
ඊයේ ( 08දා) පේරාදෙණිය ප්රගති මාවතේ මාර්ගය අසල සඟවා තිබියදී ප්රදේශවාසීන් විසින් පොලීසියට දැනුම් දුන් පසු පෙට්රල් බෝම්බ 11ක් පොලිස් භාරයට ගෙන ඇත.
අද (09දා) අලුයම ඉලුක්තැන්න ප්රදේශයෙන්ද පෙට්රෝල් පුරවන ලද බෝම්බ 12ක් ප්රදේශවාසීන්ගේ තොරතුරු මත අත්අඩංගුවට ගෙන තිබේ.
මේවා කවුරුන් විසින් සාදන ලද්දක්ද යන්න මෙතෙක් සොයාගෙන නැති අතර, ප්රචණ්ඩ ක්රියාවන් සිදුකිරීමේ අරමුණින් යම්කිසි පිරිසක් විසින් සාදන ලද්දක් යැයි පේරාදෙණිය පොලීසිය සැකකරයි. ප්රදේශවාසීන්ගෙන් ලැබුණු සහයෝගය මත සිදුවීමට තිබූ විනාශයන් වළක්වාගැනීමට හැකි වූ බවත් පොලීසිය ප්රකාශ කරයි .
පේරාදෙණිය - සෙනරත් බණ්ඩාර
පේරාදෙණිය - සෙනරත් බණ්ඩාර