පේරාදෙණිය සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන් විසින් ගලහ මන්සන්ධියේ ඉදිකර ඇති තවකාලික කූඩාරම් ඉවත් කරන ලෙසට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (03දා) එම විශ්විවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිට හා සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිට දැනුම් දී තිබේ.
අද සවස 6.00 ට පෙර සිසුන් තාවකාලික කූඩාරම්වලින් ඉවත් නොවන්නේ නම් මහනුවර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එම කූඩාරම් ඉවත් කරන ලෙසටද අධිකරණය නියෝග කර ඇත.
එසේම කූඩාරම්වලින් සිසුන් ඉවත්නොවන්නේ නම් පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාට හා එම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාට එරෙහිව අපරාධ නඩු විධිවිධාන පනත අනුව දඬුවම් ලබාදෙන බවද මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සඳහන් කළේය.