මැතිවරණ නීතිරිතිවලට අනුව මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් රථ පෙළපාළි සහ ජනතා පෙළපාළි පැවැත්වීමට නොහැකි බවට නීතියක් තිබියදීත්, නීති විරෝධී ආකාරයට ඊයේ (06දා) දිනයේදී කටයුතු කළ පිරිස්වලට එරෙහිව නීතිය ක්රියාත්මක නොකළ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.