පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අනුරාධපුර දිස්ත්රික්ක අපේක්ෂක ඩබ්.එච්.කේ. රංජන් මහතාගේ නිවසට සහ කාර්යාලයට අද (26දා) අලුයම 1.00 ට පමණ කිසියම් පිරිසක් ගිනි තබා පලාගොස් ඇතැයි තඹුත්තේගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
මේ පිළිබඳව අනුරාධපුර දිස්ත්රික්ක සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.