පෙර පාසල් දරුවන්ගෙන් සියයට 15කට මන්දපෝෂණය
ගාල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් දරුවන්ගෙන් 14%ත් 16%ත් අතර ප්‍රමාණයක් නියමිත උස හා බරින් යුක්ත නොවන බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ වෛද්‍ය නලින් විජේසේකර මහතා පවසයි.
දරුවන්ගේ පෝෂණ මට්ටම මෙලෙස අඩුවීමට ප්‍රධානම හේතුව ආර්ථික ගැටලු නොව වැරදි චර්යා රටාවන් මෙම තත්ත්වය මූලික වී ඇති බව පෙන්වා දෙන ඔහු පවසා සිටින්නේ නියමිත බර සහිතව උපදින දරුවන් වැරදි වර්යා රටාවන් හේතුවෙන් පසුකාලීනව මන්ද පෝෂණ පෝෂණ තත්ත්වයකට ඇද දමා ඇති බවයි.
ගාල්ල දිස්ත්‍රික් පෝෂණය සම්බන්ධ බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ගත් අවස්ථාවේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"ගාල්ල දිස්ත්‍රික්කයේ උපතින් බර අඩු දරුවන් සිටින්නේ සියයට 10ත් 12ත් අතර ප්‍රමාණයක්. නමුත් පෙර පාසල් දරුවන්ගෙන් සියයට 14ත් 16ත් අතර ප්‍රමාණයක් නියමිත උස හා බරින් යුක්ත වන්නේ නැහැ. උපත් බර ප්රශස්ත මට්ටමක තිබූ දරුවන්ගේ පසුකාලීනව බර අඩු වන්නේ වැරදි පුරුදු අනුගමනය කිරීම නිසයි. දෙමාපියන් දරුවන්ගේ පෝෂණය සම්බන්ධව සැලකිලිමත් වන්නේ නැහැ.
ගෙදර කන බොන කෑම හා ආහාර පුරුදු වල සිට අප මේ වෙනස ඇති කළ යුතුයි. ඔවුන්ගේ ආර්ථිකය යහපත් කළ පමණින් සියල්ල ඉටු වන්නේ නැහැ. නිවැරදි පෝෂණය සම්බන්ධව නිසි උපදෙස් ද ලබා දිය යුතු වෙනවා. අප සැලසුම් කරන වැඩසටහන් වල ප්‍රධාන ඉලක්කය විය යුත්තේ චර්යා රටාවන් වෙනස් කිරීමයි. පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී හා ඒවාට මුදල් යෙදවීමේදී මේ සම්බන්ධව සැලකිලිමත් විය යුතුයි. යැයිද බවසා සිටියේය."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

