කොළඹගේආර මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකු ගෙල සිඳ ඝාතනය කර ඇතැයි අද (15දා) වාර්තා විය.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මහගමගේ හසිත එරංජන ලක්ෂාන් (අවු.16) නමැති කොළඹගේආර, මිරිස්වැල්පොත පදිංචි සිසුවෙකි.
මියගිය සිසුවා පසුගිය 14 වැනිදා සවස අමතර පන්තියකට ගොස් නොපැමිණීම හේතුවෙන් පවුලේ ඥාතීන් උඩවලව පොලීසියට පැමිණිල්ලක්ද කර ඇත.
පරීක්ෂණ පැවැත්වූ පොලීසියට ප්‍රදේශයේ පිහිටි තේක්ක කැලයක තිබී සිසුවාගේ මළසිරුර හමුවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් අතර එම විද්‍යාලයේම ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවෙකුද සිටී.
මෙය ප්‍රේම සම්බන්ධතාවක් නිසාවෙන් සිදුවූ ඝාතනයක් බවට පොලීසිය සැකකරයි.
උඩවලව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
දිලීප නුවන්