පළාත් පාලන මැතිවරණයෙන් පසුව ලැයිස්තුවෙන් මන්ත්රීවරුන් පත්කිරීමේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණට අසාධාරණයක් සිදුව ඇති බැවින් සාධාරණ ක්රමවේදයක් ඔස්සේ ලැයිස්තුවෙන් සභික ධුර වෙන් කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවට යන බව ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
වත්මන් රජය පළාත් පාලන මැතිවරණ පනතට සිදුකර තිබෙන සංශෝධන හේතුවෙන් පොදුජන පෙරමුණ ජයග්රහණය කළ සභාවන් 239න් 76ක් සෘජුව පිහිටුවීමේදී ගැටලු මතුව තිබෙන බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
මෙම වැරැද්ද නිවැරදි කළහොත් පොදුජන පෙරමුණේ ජයග්රහණය කළ කොට්ඨාස අතරට අලුතෙන් කොට්ඨාස 37ක් එකතුවීමටත්, පරාජයට පත් වූ පක්ෂවලට ලබාදුන් මන්ත්රී ධුර 200ක් අහිමිවීමටත් නියමිත බවද ඒ මහතා ප්රකාශ කළේය.