දණ්ඩනීති සංග්‍රහයට සංශෝධන එක් කිරීම වෙනුවෙන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබු පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සම් විභාගයට නොගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
එම පෙත්සම් අද(18) සලකා බැලූ අවස්ථාවේ නීතිපතිවරයා සිදු කළ කරුණු දැක්විමක් සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල එවා විභාගයට නොගැනීමට තීරණය තිබේ. අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 06 ක් ඉදිරිපත් කර තිබූ අතර අදාළ සංශෝධන ජනවාරි 08 වනදා නොගෙනෙන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ(17) පාර්ලිමේන්තුවේදී කීය.