පවතින පෙට්‍රල් හිඟය හමුවේ වාහන ගමනාගමනය අඩුවීම නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේද ආදායම පහත වැටීඇතැයි අධිවේගී මාර්ග නඩත්තු මෙහෙයුම් හා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ දක්ෂිණ අධිවේගයේ දිනක ආදායම 20% ක පමණ අඩුවීමක් ඇති බවයි. මේ අනුව ගොඩගම පිවිසුමේ දිනක ආදායම සාමාන්‍යයෙන් ලක්ෂ 16ක් වුවත් මේ දිනවල එය ලක්ෂ 11ක් පමණ බවත් සඳහන් වෙයි.