ජනතාවට සහන ලබාදෙන බව පවසා බලයට පැමිණි ආණ්ඩුව රුපියල් 54 කට මිලදී ගන්නා පෙට්රල් ලීටරයට රුපියල් 63 ක බදු මුදලකුත්, රුපියල් 51.30 ට මිලදී ගන්නා ඩීසල් ලීටරයකට රුපියල් 44.02 ක බදු මුදලකුත් අයකර ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ඩීසල් ලීටරයක් කොළඹ වරායට ගොඩ බෑ පසු මිල රුපියල් 51.30 ක් බවත්, එහෙත් එය ජනතාවට අලෙවිකරන්නේ රුපියල් 95 ක මුදලකට බවත් එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
පෙට්රරල් ලීටරයක් කොළඹ වරායට ගොඩබෑ පසු මිල 54.04 බවත්, එහෙත් එය ජනතාව අලෙවි කරන්නේ රුපියල් 117 ක මුදලකට බවත් ඔහු පවසා සිටියේය.