පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නැව මේවනවිට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළත් වී තිබෙන බව ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරයි.
මෙම නැවමුතුරාජවෙල ජැටියවෙත රාත්‍රී 8.00 - 8.30 අතර කාලය තුළදී පැමිණීමට නියමිත බවත්, එහිදී ඔක්ටේන් 92 අගය සහිත පෙට්‍රල් ලීටර් මෙට්‍රික්ටොන් 32500 ක් ගොඩබෑම සිදුකරන බවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.
ඉන්පසු ඔක්ටේන් 95 අගය සහිත පෙට්‍රල් මෙට්‍රික්ටොන් 7500ක ප්‍රමාණය කොළොන්නාවට ගොඩබෑමට සැලසුම් කර තිබෙන බවද එම නිලධාරියා පවසා සිටියේය.
පැය 48ක් තුළ සමස්ත ඉන්ධන තොගයම ගොඩබෑමට හැකියාව ලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.